Monday, November 7, 2016

Illustrator බාවිතා කර feminine style logo එකක් හදමු..

කලින් දාපු logo design පොස්ට් එකට හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා අදත් මම logo design tutorial එකක්ම දෙන්න හිතුන.

advance tutorial ඕනි තරම් තියන නිසා මම දෙන්නේ simple ඒවා. පස්සේ අපි ටිකක් advance ඒවාට යමු.

මේකෙදි මම පෙන්වන්නේ Pathfinder toolbox එකේ තියන ටූල්ස් පාවිච්චි කරලා complex vector එකක් අඳින හැටි.

වෙනද වගේම ප්‍රශ්න අවොත් මට කියන්න. මම උදව් කරන්නම්.

මේ ලෝගෝ ඒක feminine Style logo එකක්.




Wednesday, November 2, 2016

ඉලස්ට්‍රේටර් වලින් සරල logo එකක් හදමු..

අද මම illustrator basic එකක් තමයි කියල දෙන්නේ. මෙ  video  එකේ තියනවා සරලවම කරන හැටි. ප්‍රශ්න තියනවනම් comment වල දාන්න. වැඩේ අගය කරනවානම් හා තවදුරටත් කරන්න ඕනි නම් comment එකක් දාල තව යාලුවෙක්ටත් කියන්න. එහෙනම් ඊළඟ පාඩමෙන් හමුවෙමු. ඔයාල හදන ලෝගෝ එක මෙතන comment කරන්නත් අමතක කරන්න එපා..





ෆොටෝෂොප් වලින් ඇත්ත වගේම කඩදාසියක් design කරමු.





හොඳයි එහෙනම් මගේ පළමු ෆොටෝෂොප් පාඩම පටන් ගන්නයි හදන්නේ.මේ පාඩම පටන් ගන්න කලින් කියන්න
ඕනි කරුණු ටිකක් තියනවා.
1.පාඩම උඩින් පල්ලෙන් බලල අමාරුයි කියල අත් ඇරලා දාන්න එපා.හෙමිට කරගෙන යන්න.එතකොට තේරෙයි ලේසිය්
 කියල.
2.ගොඩක් ඉංග්‍රීසි වචන වලට සිංහල වචන දැම්මම එක ඉංග්‍රීසි වලටත් වඩා අමාරුයි කියල මට තේරුණා.ඒ හින්ද ඒ වචන
ඉන්ගිරිසියෙන්ම දැම්ම.
3.images ගොඩක් තියෙන නිසා ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි.ඒ ගෙන ඉදිරියේදී යමක කරන්න බලාපොරොත්තු වෙනවා.

දැන් පාඩමට.,

1.

පහත රූපයේ පරිදි අලුත් document එකක් open කරගන්න.

2.

rectangular selection ටූල් එකෙන් පහත පරිදි  selection එකක් රූපයේ මැදින් ඇඳ ගන්න.,keyboard එකේ  Q key එක ඔබා quick mask mode එකට යන්න.දැන්  Filter මෙනු එකේ  Pixelate > Crystallize යන්න.
cell size එක 5 ලෙස යොදා  OK කරන්න.
අයෙත් Q ඔබන්න.selection එක එලෙසම තිබියදී keyboard එකේ Ctrl+shift+alt+N එකවර ඔබා  
new layer එකක් සාදාගන්න.
selection එක සුදු පාටින් කර ගැනීමට පළමුව D අකුර ඔබා Ctrl+Delete ඔබන්න.selection එක  remove කරගැනීමට  Ctrl+D ඔබන්න.




3.
 burn tool එක අරන් exposure 2% range : highlights ලෙස සකසන්න.කඩදාසිය  ලා අඳුරු පාටක් ගන්න තෙක් එයින්
පාට කරන්න .
 Filter > Texture > Texturizer, වෙත ගොස්  Texture සඳහා  Canvas තොර ගෙන  OK කරන්න.
4.
paper layer එක  Double click කර Layer Styles dialog එක  open කරගන්න
ඉන්පසු  Drop Shadow effect එක ටික් කරගන්න.එහි සෙට්ටින්ග්ස් කිසිවක් වෙනස් කිරීමට අවශ්‍ය නොවේ.අපි පසුව එම සේවෙනැල්ල වඩාත් ස්වභාවික ලෙස සකසා ගනිමු.




5.
Layers panel එකේ  Drop Shadow Layer එක  right click  කර  Create Layer තෝරන්න.මෙඉන්  Drop Shadow එක paper Layer ඒකෙන වෙන වී අලුත් Layer එකක් සෑදේ.


6.
අලුතෙන් සෑදුනු shadow layer එක සිලෙක්ට් කර  Cmd+T ඔබන්න . කඩදාසිය මත Right click කර  Warp තෝරාගන්න . handles අවශ්‍ය පරිදි එහෙ මෙහෙ කර  shadow එක ඇත්ත ආකාරයට සකසා ගන්න.

7.
දැන් කඩදාසිය ඇති layer එක තෝරාගෙන  Ctrl+shift+alt+N එකවර ඔබා  new layer එකක් සාදාගන්න.
Gradient Tool එක ගෙන  ටූල් එකේ  option bar ඒකෙන Linear සහ  
Mode: Difference ලෙස සකසා ගන්න. ඔබට කැමති කැමති ආකාරයට ටූලය මගින් Gradient ඇඳගන්න.රටාවක් අවශ්‍ය නැත.පහත රූපය බලන්න.




8.
Filter වෙත ගොස්  > Stylize > Emboss ගොස්OK කරන්න.  Cmd+L ඔබා පැමිණෙන dialog box එකේ
සුදු සහ කළු sliders මැදට ලං කරන්න . රූපය බලන්න.


9.
Cmd+alt+G. ඔබන්න.ඉන්පසු blending mode එක  Overlay ලෙස සකසන්න.


ඔබට කැමති ආකාරයේ පසුබිමක් මත මෙය තබා බලන්න.


මගේ බ්ලොග් එකේ පලවෙනි පොස්ට් එක නිසා අඩුපාඩු ගොඩාක් ඇති.ඒ ගැන සමාවන්න.මෙය කරගෙන යාමේදී ප්‍රශ්න ඇතිවුනොත් කමෙන්ට්  කරන්න .
ඊළඟ පාඩමෙන් හමුවෙමු.

ආයුබෝවන් !

සිංහල බ්ලොග් කියවන අපේ යාලුවෝ වෙනුවෙන් අලුත් දෙයක් දෙන්න තමයි මම අද ලෑස්තිවෙලා ඉන්නේ.

නවක freelancer graphic designers ලට සිංහලෙන් අත්වැලක්. .

ඔව් මේ බ්ලොග් අඩවියෙන් ඉදිරියට ඔබට සරල සිංහලෙන් පියවරෙන් පියවර Graphic design පාඩම් වගේම Upwork, Fiverr Freelancer සහ designcrowd වැනි වෙබ් අඩවි හරහා ඔබගේ නිර්මාණ වලින් හොඳ ආදායමක් ගන්නත් කියල දෙනවා.

එහෙනම් මගේ පළමු පාඩමත් එක්ක හමු වෙමු.  සුභ දවසක්..!

Illustrator බාවිතා කර feminine style logo එකක් හදමු..

කලින් දාපු logo design පොස්ට් එකට හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා අදත් මම logo design tutorial එකක්ම දෙන්න හිතුන. advance tutorial ඕනි තරම් තියන...